Friday, October 18, 2024
Follow Us
BIMSTEC විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට විදේශ කටයුතු රාජ්‍ය ඇමැති එක් වෙයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ දී පැවති 2 වන බිම්ස්ටෙක් (BIMSTEC) විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා එක්ව සිටී.

මෙහි දී වෙළඳාම, සෞඛ්‍ය සේවා සහ ධාරිතා සංවර්ධනය වැනි ක්ෂේත්‍රවල සම්බන්ධතා සහ සහයෝගීතාව කෙරෙහි අවධානය යොමුව තිබේ.

මේ අතර සමුළුවට සමගාමීව, ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් ද සිදු විය.

මෙහි දී ඵලදායී ද්විපාර්ශ්වික කතාබහක් පැවැත්වීමට හැකිව ඇති අතර වැඩිදියුණු කළ සම්බන්ධතාව සහ කලාපීය සහයෝගීතාව ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කර ඇත.