Sunday, October 06, 2024
Follow Us
විදේශ ඇමති අලි  සබ්රි සිංගප්පූරුවේ නිල සංචාරයක

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා නිල සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ඒ අනුව, දෙදින නිල සංචාරයක් සඳහා අද(7) විදේශ අමාත්‍යවරයා සිංගප්පුරුව බලා යාමට නියමිතය.

සිංගප්පුරු විදේශ අමාත්‍ය ආචාර්ය විවියම් බාලක්‍රිෂ්ණන් මහතාගේ ආරාධනයකට අනුව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා එම සංචාරයේ නිරත වේ.

දෙරට අතර බහුවිධ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් විදේශ අමාත්‍යවරයා එම සංචාරයේදී සිංගප්පුරු විදේශ අමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වනු ඇත.

අදඅද සහ හෙට යන දෙදෙන තුළ තවත් පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා පවත්වන විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ජුලි 09වැනිදා සිංගප්පුරුවේ දී පැවැත්වීමට නියමිත “2024 රොයිටර්ස් නෙක්ස්ට් ආසියා පැසිපික් සමුළුවට” සහභාගී වීමට නියමිතය.