Sunday, June 30, 2024
Follow Us
නිල ණය හිමි­යන්ගේ ගිවි­සු­ම්ව­ලට අමෙරිකා, චීන, ජපන් තානා­ප­ති­වරුන්ගෙන් සුබ පැතුම්

ද්විපා­ර්ශ්වික ණය හිමි­යන්ගේ නිල කමි­ටුව සමඟ අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 5.8ක ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ අව­සන් එක­ඟ­තා­වට පැමි­ණී­මට සහ ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම සම්බ­න්ධ­යෙන් චීන අප­න­යන ආන­යන බැංකුව සම­ඟත් ගිවි­සු­ම­කට එළැ­ඹී­මට ශ්‍රී ලංකා­වට හැකි වීම පිළි­බඳ විදෙස් තානා­ප­ති­වරු රැසක් ශ්‍රී ලංකා­වට සුබ පැතුම් එක් කර තිබේ.

චීන අප­න­යන ආන­යන බැංකුව සමඟ සහ­න­දායී ණය ගිවි­සු­මට අත්සන් තැබූ චීනයේ ශ්‍රී ලංකා තානා­පති Qi Zhenhong මහතා එය ශ්‍රී ලංකා­වට වැද­ගත් සහ­න­දායී ණය ගිවි­සු­මක් බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණ­යට විශාල දාය­ක­ත්ව­යක් බවත් සඳ­හන් කර­මින් එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නක් තබා ඇති අතර, ශ්‍රී ලාංකික ජන­තා­වට සුබ පැතුම් එක් කිරී­මට ද අම­තක නොක­ළේය.

මේ අතර පැරිස් සමා­ජ­යට සම­ගා­මීව ශ්‍රී ලංකාව සහ ණය හිමි රට­වල් අතර ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම පිළි­බඳ අව­සන් ගිවි­සු­ම­කට එළැ­ඹීම අමෙ­රි­කාව සාද­ර­යෙන් පිළි ගන්නා බවත් මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘ­තියේ ධනා­ත්මක ඉදිරි පිය­ව­රක් බවත් එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නක් තබ­මින් අමෙ­රි­කානු තානා­පති ජූලි චැංග් මහ­ත්මිය ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම එය ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි විශ්වා­ස­යක් ගොඩ­නඟා ගැනී­මට ද ඉව­හල් වන බව සඳ­හන් කරන අමෙ­රි­කානු තානා­ප­ති­ව­රිය දිගු­කා­ලීන සෞභාග්‍ය සහ වර්ධ­නය කරන විනි­වි­ද­භා­ව­ය­කින් යුතු තිර­සර වෙන­ස්කම් අනු­ග­ම­නය කර­මින් ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලිය ඉදි­රි­යට ගෙන යෑමට අමෙ­රි­කාව විසින් ශ්‍රී ලංකා­වට දිරි­ගැ­න්වී­මක් කරනු ලබන බවත් ඇය සඳ­හන් කර ඇත.

මේ පිළි­බඳ ශ්‍රී ලංකා­වට සුබ පැතුම් එක් කර­මින් ජපාන තානා­පති කට්සුකි කොටාරෝ ද ප්‍රකාශ කර ඇත්තේ ප්‍රංශය, ඉන්දි­යාව සහ ජපා­නය සහ සභා­ප­ති­ත්වය දරන ණය හිමි­යන්ගේ නිල කමි­ටුව ශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ අව­බෝ­ධතා ගිවි­සු­ම­කට අත්සන් තැබූ බවත් එය ශ්‍රී ලංකා­වට ආර්ථික වශ­යෙන් ඉදි­රි­යට යෑමට ලැබුණු කදිම අව­ස්ථා­වක් බවත්ය.

Dinamina