Sunday, September 08, 2024
Follow Us
ශ්‍රී ලංකා ඇගළුම් ජාත්‍යන්තරයට ගෙන යන ප්‍රදර්ශනයක් එක්සත් රාජධානියේදී
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), Sri Lanka Apparel Sourcing Association (SLASA) එක්සත් රාජධානියේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) එක්ව ප්රථම වරට සංවිධානය කරන Sourced Sri Lanka – Textile & Apparel Roadshow ප්දර්ශනය මෙම මස 17 සහ 18 එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ දී පැවැත්වේ.

 මේ සඳහා ශ්රි ලාංකික ප්රදර්ශකයින් පනස්දෙනෙකු, විදේශීය ගැනුම්කරුවන් මෙන්ම වෙළඳ නැරඹුම්කරුවන් දහසක් සහභාගී වේ.

ප්රදර්ශනය සඳහා ශ්රී ලාංකික සහභාගීත්වය මගින් නව ගැනුම්කරුවන් සොයාගැනීම අපේක්ෂා කරන අතර ඒ තුළින් මෙරට ඇඟළුම් අපනයන ක්ෂේත්යට නව උත්තේජනයක් ලැබෙනු ඇත. 2026 වසර වනවිට එක්සත් රාජධානියට ඇ.ඩො. බිලියන 1 කින් ඇඟලුම් අපනයනය වැඩි කිරීමේ අරමුණින් යුතුව නව ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ වීම සහ එක්සත් රාජධානියේ දැනට සිටින ගැනුම්කරුවන් සමඟ සබඳතා ශක්තිමත් කිරීම මෙම ප්දර්ශනයේ මූලික අරමුණයි.
ශ්රී ලංකාව දකුණු ආසියාවේ හොඳම තිරසාර ඇඟළුම් නිෂ්පාදනය කරන රටක් ලෙස ලෝකයේ ජනප්රියතාවයක් උසුලයි. වර්තමානයේ පවතින ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ශ්රී ලංකාවේ ඇඟළුම් අපනයන ක්ෂේත්යද අභියෝග රැසකට මුහුණ දී ඇත. එයින් ප්ධානම අභියෝගය වන්නේ අපගේ ප්ධාන වෙළඳපොළ වන ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා රටවල පසුගිය වසර දෙකෙහි ඉහළ වෙළඳපළ (High-end Market) තුළ ඇති ඉල්ලුම අඩුවීමයි. එබැවින් ඇගළුම් අපනයනයේදී ඉහළ වෙළඳපළ ඉලක්ක කරන ශ්රී ලංකාව වැනි රටවලට එය අභියෝගයකි.
මෙම තත්වයට මුහුණදීම සඳහා නව වෙළඳපළවල් මෙන්ම වෙළඳපළ තුළ සිටින නව ගැනුම්කරුවන් හඳුනාගැනීම අත්යවශ්ය වනු ඇත. එහි එක් වැදගත් පියවරක් ලෙස Sourced Sri Lanka – Textile & Apparel Roadshow අපනයන ප්රවර්ධන වැඩසටහන සංවිධානය කෙරෙනු ඇත.