Friday, May 17, 2024
Follow Us
ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුව අස සිට ලබන 05 දක්වා ජෝර්ජියාවේ ට්බිලිසි අගනුවර දී

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුව අද (02) සිට ලබන 05 දක්වා ජෝර්ජියාවේ ට්බිලිසි අගනුවර දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ සඳහා  සහභාගී වේ.

ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයකු වන ශ්‍රී ලංකාව විවිධ අවස්ථාවන් හීදී රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් හා යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගෙන ඇති සහය ඉතා සුවිශේෂී වේ.

මෙම සමුළුවේ දී  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අර්ථවත් දායකත්වයක් ලබා දීමට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අපේක්ෂා කරන අතර එහි දී සෙසු සාමාජික රටවල් සමග හවුල්කාරීත්වය හා සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීම අපේක්ෂාවයි.