Sunday, April 20, 2025
Follow Us
KIU ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට අනුබද්ධ  ආයුර්වේද සෞඛ්‍ය මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබේ

KIU (KAATSU INTERNATIONAL UNIVERSITY) ජාත්‍යන්තර විශ්විද්‍යාලයට අනුබද්ධද ආයුර්වේද සෞඛ්‍ය මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීම පසුගියදා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ආයුර්වේද සෞඛ්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීම තුළින් කායික රෝග සඳහා අතුරු ආබාධවලින් තොරව ප්‍රතිකාර ලබා ගැනීමට මෙන්ම එම ක්‍රමවේදයන් පිළිබඳව හැදෑරීමට මෙහිදී පහසුකම් සැපයීමට  KIU ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය බලාපොරොත්තුවේ.

මෙම අවස්ථාවට KIU ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ උපදේශක ගලගම ධම්රංසි නාහිමියන්, එහි සභාපති ආචාර්ය ජගත් සෙනවිරත්න, අධ්‍යක්ෂ ආචාර්ය ITO KYO මහත්වරුන් ඇතුලු පිරිසක් එක්විය.