Sunday, April 20, 2025
Follow Us
තායි එයාර්වේස් නැවතත් දෛනික ගුවන් ගමන් අරඹයි

සිය මෙහෙයුම් යළි ආරම්භ කරමින් තායි එයාර්වේස් පළමු ගුවන් යානය අද පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය. 

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අනුග්‍රහය ඇතිව ඉංග්‍රීසි තේ තෑගි ඇසුරුම් සමඟ මගීන් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, අනතුරුව ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සංවිධාන කළ උඩරට සම්ප්‍රදායික නර්තනයෙන් ද පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති Paitoon Mahapannaporn මහතා, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තායි එයාර්වේස් ගුවන් ගමන් දිනපතා යොදා ඇත්තේ මෙලෙසින්.

බැංකොක් - කොළඹ

TG307 BKK-CMB 21:05-00:01 (+1) (දිනපතා)

කොළඹ - බැංකොක්

TG308 CMB - BKK 01:20-07:30 (දිනපතා)