Sunday, April 20, 2025
Follow Us
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කැනඩාවේ කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණයට එක්වෙයි

කැනඩාවේ ටොරොන්ටෝ සහ ඔන්ටාරියෝ යන නගර කේන්ද්‍ර කරගෙන පිහිටා ඇති ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු සහ ආයෝජකයෙකු ද වන ස්ටැන් මුතුලිංගම් මහතාගේ CSI සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එක් විය.

CSI යනු ඉලෙක්ට්‍රොනික උපාංග ප්‍රතිචක්‍රීකරණය සහ ප්‍රතිනිර්මාණය කරනු ලබන සමාගමකි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ කැනඩා සංචාරය අතරතුර CSI කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක් ව තිබේ.