Saturday, April 27, 2024
Follow Us
අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක්

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් ජපන් තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එන්. එම්. රණසිංහ මහතා ඇතුළු අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ජපන් තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් එක්විය.