Monday, April 29, 2024
Follow Us
කේටි කුමරියට පිළිකාවක්

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිය වන වේල්සයේ කුමරිය, කේට් පිළිකා රෝගයට ගොදුරු වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇය විසින්ම පසුගියදා වීඩියෝ පටයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇති අතර, මේ වන විට කීමෝ තෙරපි ප්‍රතිකාර ගනිමින් සිටින බව ද ප්‍රකාශ කර තිබේ.

42 හැවිරිදි වියෙහි පසුවන කේට් කුමරිය පසුගිය ජනවාරියේදී උදරයේ සැත්කමකට ලක් වූ අතර, ඒ වන විට ඇගේ පිළිකා රෝගී තත්ත්වය අනාවරණය වී නොතිබූ බව ද වාර්තා වේ. පිළිකා රෝගයේ මුල් අවධියේ සිටින බැවින් පූර්ණ සුවය ලබාගැනීමට හැකිවනු ඇතැයි කේට් කුමරිය විශ්වාසය පළ කර තිබේ.

පිළිකාව වැලඳී ඇතැයි තහවුරු වීම විශාල කම්පනයකට හේතු වූවද, තමා හොඳින් සිටින බවත් ඇය සිය වීඩියෝ පටයෙන් ප්‍රකාශ කර ඇති අතර, කීමෝ තෙරපි ප්‍රතිකාර සඳහා යොමු වූයේ පිළිකාවෙන් පූර්ණ සුවය ලබා ගැනීම සඳහා කීමෝ තෙරපි ප්‍රතිකාර ලබාගත යුතු බවට සිය වෛද්‍ය කණ්ඩායම උපදෙස් දුන් නිසා බවත් සඳහන් කර තිබේ. කේට් කුමරිය කීමෝ තෙරපි ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ කර ඇත්තේ පසුගිය පෙබරවාරියේදි වුවද, එය ප්‍රසිද්ධියට පත් නොකිරීමට බකිංහැම් මාලිගාව තීරණය කර ඇත්තේ ඇගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා බව ද වාර්තා වේ. කෙසේ වෙතත් කේට් කුමරියට වැලඳී ඇති පිළිකාව කවරේදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත.

 

-Dinamina