Sunday, April 20, 2025
Follow Us
මෛත්‍රීගේ ඉල්ලීමට ඉන්දීය අගමැති මෝදිගේ සහාය

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කරන ලද ඉල්ලීමක් මත අතරමග නවතා දැමු කදුරුවෙල ත්‍රෛභාෂා ජාතික පාසලේ ඉදිකිරීම් නැවත පටන්ගැනීමට සහය දක්වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසා තිබේ.

ඒ අනුව ඉදිරි මාස 06 ඇතුළත මෙම පාසලේ වැඩ අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 250ක් ඉන්දියානු රජයෙන් ලබාදෙන බවට දැනුම්දෙන ලදී.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත් වූ පසු ඉන්දියාවේ සිදු කරන ලද පළමු නිළ සංචාරය අතරතුරදී මෙම ඉල්ලීම කර තිබේ.

පවතින රජයෙන් කිහිප විටක්ම මෙම පාසලේ වැඩ අවසන් කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලීම් කළත් ඒ සඳහා සුබදායී පිළිතුරක් නොලැබ තිබිණ.

-Dinamina