Sunday, April 20, 2025
Follow Us
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සමඟ සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් ඇතුළු නියෝජිතයන් සමග විදුලිබල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම්වල හා මූල්‍ය වගකීම්වල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ ඊයේ (12) පැවැත්විණ.

පසුගියදා සිදු කල විදුලි අය ක්‍රම සංශෝධනය, 2023 වසරේ තෙල් සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ ගිණුම්, විදුලිබල මණ්ඩලයේ වත්මන් මූල්‍ය තත්වය, ගිණුම්කරණයේ මූලධර්ම සහ ප්‍රමිතීන් අනුගමනය කිරීම, ස්වයංක්‍රීය ගිණුම්කරණය, 2024 වසරට වන පුරෝකථන, ඉන්ධන මිල සූත්‍රය හා තෙල් සංස්ථාවේ මෙහෙයුම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමත් ඒ පිළිබඳව සාකච්ඡා කරන ලැබුණි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුලිබල මන්ඩලයේ හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියොජිතයන් ද මෙම සාකච්ඡාවට එක්විය.