Sunday, April 20, 2025
Follow Us
කැනඩාවේදී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයින්ගේ අවසන් කටයුතු පිළිබඳ තීරණයක්

කැනඩාවේ ඔටාවාහිදි ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 6 දෙනාගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු එම රටේදීම සිදුකිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

කැනඩාවේ බෞද්ධ කොංග්‍රසයේ සභාපති හා ඔටාවාහි හිල්ඩා ජයවර්ධනාරාමයේ විහරාධිකාරි පූජ්‍ය නුගේගලයායේ ජිනානන්ද ස්වාමින් වහන්සේ පැවසුවේ, කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ හා විහාරස්ථ දායක සභාවේ සහාය මත ඝාතනයට ලක්වූ එම ශ්‍රී ලාංකිකයින්ගේ අවසන් කටයුතු කැනඩාවේදී සිදු කෙරෙන බවයි.

ඒ සඳහා මියගිය පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන් එකඟතාව පළකර ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

කෙසේ වෙතත් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බැවින් මියගිය පුද්ගලයින්ගේ සිරුරු කැනඩා පොලිසිය මගින් මෙතෙක් නිදහස් කර නොමැත.

අදාළ ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම නිවසේම පදිංචිව සිටී 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නැමති ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකි.

අත්අඩංගුවට සැකකරු ලබන 14 වැනිදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.