Monday, April 29, 2024
Follow Us
රටවල් හයක තානාපතිවරු අනුර කුමාර හමුවෙති

රටවල් හයක තානාපතිවරු සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (6) පස්වරුවේ පැවැත්විණි.


පලස්තීන රාජ්‍යයේ තානාපති ආචාර්ය ෂුහයිර් එම්. එච්. දාර් ශයිඩ්, තුර්කි ජනරජයේ තානාපතිනි ඩෙමෙට් සීකර්සිඔග්ලු, බංග්ලාදේශ ජනරජයේ මහකොමසාරිස් අරිෆුල් ස්ලාම්, ඉන්දුනීසියානු ජනරජයේ තානාපති ගුස්ටිනා ටොබින්, මැලේසියානු මහකොමසාරිස් හිෂාම් බීන් ඇඩම් සහ මාලදිවයින් ජනරජයේ වැඩබලන තානාපතිනි ෆාතිමාත් ජීනා මහත්ම මහත්මිහූ එම හමුව සඳහා එක්ව සිටියහ.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙහිදී ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුවත් කළ බවත් රට තුළ දේශපාලන හා ආර්ථික තත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කළ බවත් ජාතික ජනබලවේගය කීය.


රටවල් සමග අන්‍යෝන්‍ය ගරුත්වය සහ සහයෝගීතාව මත පදනම්ව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගයේ ඇති සූදානම පිළිබඳවද මෙම හමුවේදී ජාතික ජන බලවේගයේ නියෝජිතයෝ රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුවත් කළ බව ද එම පක්‍ෂය පැවසීය.

Lankadeepa