Monday, April 29, 2024
Follow Us
සෞඛ්‍යයට ඇමරිකානු ඩොලර් මිලියන දෙකහමාරකට අධික වටිනාකමකින් යුත් ප්‍රදානයක්

ජපන් රජයේ ආධාර යටතේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදළ හරහා ශ්‍රී ලංකාවේ වැදගත් ලිංගිකත්වය හා ප්‍රජනක සෞඛ්‍ය සහ අනෙකුත් ප්‍රජනක සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙකකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ ප්‍රදානයක් පසුගියදා සිදු කෙරිණි.

එමෙන්ම මාතෘ හා ළමා සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන්  ඇමරිකානු ඩොලර් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් “Health On Wheels- විශේෂයෙන් සකසන ලද ජංගම ඒකක”  ලොරි රථ තුනක් සෞඛ්‍ය අමාත්‍යාංශයට  ප්‍රදානය මෙදින ම සිදු විය.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍යය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත මෙම පරිත්‍යාගය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ආසියා ශාන්තිකර කළාපයේ  අධ්‍යක්ෂ පියෝ ස්මිත් (pio Smith), ජපන් තානාපති කාර්යාලයේ වැඩබලන  තානාපති කත්සුතී කොටාරෝ යන මහත්වරුන් විසින් ප්‍රදානය කරන ලදී .

ඇමරිකානු ඩොලර් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් හදිසි නාරිවේද පහසුකම් වලින් සමන්විත වන පරිදි “Health On Wheels- විශේෂයෙන් සකසන ලද ජංගම ඒකක” ලොරි රථ සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන වෛද්‍ය මැදිරියකින් සමන්විත වේ . නාරිවේද ඇදකින් මෙන්ම සියලු වෛද්‍ය උපාංග වලින් සමන්විත වන අතර  හදිසි ආපදා තත්ත්වයකදී එම ප්‍රදේශවලට  සෞඛ්‍ය  සේවා කටයුතු සඳහා යෙදවීමට  හැකිවන ලෙස  මෙම  ජංගම රථ සකස් කර ඇත.

ලංකාවේ වැදගත් ලිංගිකත්වය හා ප්‍රජනක සෞඛ්‍ය සහ අනෙකුත් ප්‍රජනක සෞඛ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඇමරිකානු ඩොලර් මිලියන දෙකකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ තොගයට ඇදන් සියයක්, ජෛයිව ආරක්ෂණ කැබිනට් , ශීතකරණ, CPAP යන්ත්‍ර, ඇතුලු තවත් අත්‍යවශ්‍ය වෛද්‍ය  උපකරණ රැසක් ඊට  ඇතුලත් වේ.