Monday, April 29, 2024
Follow Us
13වන ලෝක වෙළෙඳ සංවිධානයේ අමාත්‍ය මණ්ඩල සැසියට වෙළෙඳ අමාත්‍යවරයා එක් වෙයි

මේ වන විට අබුඩාබිහිදී පැවැත්වෙන 13වන ලෝක වෙළෙඳ සංවිධානයේ අමාත්‍ය මණ්ඩල සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහභාගී විය.

රාජ්‍යයන් අතර බහුපාර්ශවීය වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමේ වැදගත් සංධිස්ථානයක් ලෙස, ලෝකයේ රටවල් 164ක් නියෝජනය කරමින් මෙම සැසිය සඳහා අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය නියෝජිතයන් සහභාගී වේ.

ශ්‍රී ලංකාවට අන්තර්ජාතික වෙළෙඳාමේදී වැදගත් වන කෘෂිකාර්මික, මත්ස්‍ය හා ධීවර සම්පත්,ඉලෙක්ට්‍රොනික  වෙළෙඳාම, වෙළෙඳාම හා සංවර්ධනය, වෙළෙඳාම හා තිරසාර සංවර්ධනය යන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විවිධ රාජ්‍යය නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමටද නියමිතයි.

එක්සත් අරාබි එමිර් රාජ්‍යය මෙවර මෙම සැසිවාරයේ සත්කාරකත්වය දරන අතර, ලොව පුරා රාජ්‍යයන් ගණනාවක අමාත්‍යවරුන් හා උසස් රාජ්‍ය නිලධාරීන්, එක්සත් අරාබි එමිර් රාජ්යයේ  ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා, වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සැසියට සහභාගී වේ.