Monday, April 29, 2024
Follow Us
බලශක්ති සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකාව සහ කොරියාව අතර සාකච්ඡාවක්

බලශක්ති සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති අතිගරු මියොන් ලී මහත්මිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර ඊයේ (28) එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

කොරියානු ජනරජය පාවෙන සූර්ය පැනල සහ න්‍යෂ්ටික බලාගාරවලින් විශාල බලශක්ති ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර කොරියානු ජනරජයේ සහ එහි ආයෝජකයින්ගේ තාක්ෂණික සහ මූල්‍ය ආධාර ඇතිව පාවෙන සූර්ය සහ න්‍යෂ්ටික බලශක්ති හරහා ප්‍රතිසංවර්ධනය සඳහා ඇති විය හැකි බලශක්ති සහයෝගීතාව පිළිබඳව මෙහි දී සාකච්ඡා කර තිබේ.