Monday, April 29, 2024
Follow Us
UNFAO සහ­කාර අධ්‍යක්ෂ ජන­රාල් ධීවර ඇමැති ඩග්ලස් හමු­වෙයි

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි­කර්ම සංවි­ධා­නයේ (UNFAO) සහ­කාර අධ්‍යක්ෂ ජන­රාල්,ධීවර හා ජලජ සම්පත් අධ්‍යක්ෂ ආචාර්ය Manuel Barange මහතා සහ ධීවර ඇමැති ඩග්ලස් දේවා­නන්දා මහතා අතර හමු­වක් පසු­ගියදා ධීවර අමා­ත්‍යාං­ශයේ දී පැවැ­ත්විණි.

එහිදී ධීවර ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේ ශ්‍රී ලංකාවේ ධීවර කට­යුතු සංව­ර්ධ­නය කිරී­ම­ටත්, ධීවර පසු අස්වැන්න ආරක්ෂා කිරී­ම­ටත්, අපේ රටේ ආහාර සුර­ක්ෂි­ත­තාව වර්ධ­නය කර ගැනීම සඳ­හාත් UNFAO සංවි­ධා­නය දෙන ආධාර හා මැදි­හ­ත්වීම ගැන තමන් බොහෝ සේ ස්තුති­වන්ත වන බවයි.

එමෙන්ම මෙරට මුහුදු කූඩැ­ල්ලන්, මුහුදු පාසි වැනි ඇතුළු ජල­ජීවී වගා­වන් සඳහා ද සංවි­ධා­නයේ ආධාර හා උප­දෙස් දෙන ලෙසත් මෝදා මසුන් වගාව මෙන්ම කූඩු­වල මසුන් වගා­කි­රී­මට අවශ්‍ය සහාය දෙන ලෙසත්, ඇමැ­ති­ව­රයා ඉල්ලා සිටි­යේය. මෙරට සාගර සම්පත ඉන්දි­යානු බොට­ම්ට්‍රෝ­ලින් පන්නය නිසා මුහුදු සම්පත් විනා­ශ­වීම මෙරට ධීව­ර­යන්ට බල­වත් හානි­යක් බව ද පෙන්වා දුන් ඇමැ­ති­ව­රයා ඉල්ලී­මක් කළේ ධීව­ර­යන්ට ඉන්ධන සහ­නා­ධා­ර­යක් ලබා දීමට ඇති හැකි­යාව පිළි­බ­ඳව ද සොයා බලා උදව් කරන ලෙසයි.

UNFAO සංවි­ධා­නයේ ආධාර ඇතිව දැනට කෙටු­ම්පත් කරන ලද නව ධීවර පනත ධීවර සංවි­ධා­න­වල අද­හස් ද ඇතු­ළත් කර මාස­ය­කින් සම්පූර්ණ කිරී­මෙන් පසු කැබි­නට් මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කර සම්මත කර ගැනී­මට අපේක්ෂා කරන බවත් පසුව එය පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට කට­යුතු කරන බවත් ඇමැ­ති­ව­රයා පැව­සීය.

සහ­කාර අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා කරුණු පැහැ­දිලි කර­මින් පැව­සුවේ ධීවර ඇමැ­ති­ව­ර­යාගේ ඉල්ලීම් සියල්ල පිළි­බ­ඳව තම සංවි­ධා­නයේ අව­ධා­නය යොමු කරන බවත් ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව සහ ධීවර ජන­තාව සංව­ර්ධ­නය කිරී­මට සිය සංවි­ධා­න­යට හැකි උප­රිම ආධාර උප­කාර කරන බවයි.

ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා ,ධීවර අමා­ත්‍යාං­ශයේ ලේකම් නයනා කුමාරි සෝම­රත්න මෙනෙ­විය සහ UNFAO සංවි­ධා­නයේ නියෝ­ජිත පිරි­සක් ද ධීවර අමා­ත්‍යාං­ශයේ උසස් නිල­ධා­රීහු පිරි­සක් ද මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.