Thursday, May 02, 2024
Follow Us
බේරුවල ධීවර වරායේ ඉදිරි සංවර්ධනට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහාය

බේරුවල ධීවර වරායේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සිය උපරිම සහාය ලබාදෙන බව එම සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් හා ධීවර හා ජලජීවී වගා අංශයේ අධ්‍යක්ෂ (NFI) ආචාර්ය මැනුවෙල් බැරන්ජ් (Manuel Barange) මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ  පසුගියදා බේරුවල ධීවර වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.  

බේරුවල ධීවර වරාය පරිසර හිතකාමී ධීවර වරායක් ලෙස තවදුරටත් සංවර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා

සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

ඒ අනුව ආචාර්ය මැනුවෙල් බැරන්ජ් මහතා සඳහන් කර සිටියේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඒ සඳහා සිය උපරිම දායකත්වය ලබා දෙන බවත්, බේරුවල ධීවර වරාය පරිශ්‍රය පරිසර හිතකාමී ධීවර වරායක් ලෙස සංවර්ධනය කිරීමට ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත්ය.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ධීවර කටයුතු පිළිබඳ විශේෂඥ ආචාර්ය පාලිත කිත්සිරි මහතා ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.