Tuesday, March 31, 2026
Follow Us

ලොව විශාලතම හා වැඩිම ජාත්‍යන්තර ආකර්ෂණය දිනූ බ්‍රසීල සැණකෙළිය මේ වන විට රියෝද ජැනයිරෝ නුවර කේන්ද්‍ර කරමින් පැවැත්වෙන අතර, රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාව සැණකෙළියට එක්රොක් වන බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

සම්පූර්ණයෙන්ම සංස්කෘතික උත්සවයක අසිරිය ගත් එම සැණකෙළිය සෑම වසරකම මහ සිකුරාදා දිනයට දින 40කට පෙර එළැඹෙන අවසන් සිකුරාදා ආරම්භ වී අළු බදාදා දිනයේ දහවලේදී නිමාවට පත් කෙරෙන අතර, ඊට විදේශීය සංචාරකයන් දහස් ගණනින් එක්රොක් වන බව ද වාර්තා වේ.