Saturday, May 04, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනිය කථානායකවරයා හමුවෙයි
 
 
ශ්රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය, පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වූවා ය. මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සහ කාර්ය මණ්ඩල ප්රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්ය මහලේකම් චමින්ද කුලරත්න යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු එක්සත් ජනපද රජය, ජාත්යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සහ ජාතික ප්රජාතන්ත්රවාදී ආයතනය ඔස්සේ පාර්ලිමේන්තුවට ලබාදෙන සහයෝගය පිළිබඳව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සිය කෘතවේදීත්වය පළ කළේය. විශේෂයෙන්ම විවෘත පාර්ලිමේන්තුවකට මුලපිරීම සඳහා වන පාර්ලිමේන්තු සංසදය, පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා, පාර්ලිමේන්තු පර්යේෂණ අංශයේ සේවාවන් සහ පාර්ලිමේන්තුවේ මහජන සේවා කටයුතු ප්රවර්ධනය සඳහා ලබාදෙන සහය පිළිබඳව කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය.

එමෙන්ම නව පාර්ලිමේන්තු සභාවාරයක් ආරම්භ වන අවස්ථාවේ සිදුකරනු ලබන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව ද ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය විමසා සිටියා ය. ඒ අනුව, රජයේ පනත් ‌කෙටුම්පත්, පෞද්ගලික මන්ත්රීන්ගේ පනත් කෙටුම්පත් සහ අනෙකුත් පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධ ඉදිරි ක්රියාවලිය කථානායකවරයා මෙහිදී පැහැදිලි කළේය.
 
මේ අතර, ව්යවස්ථාදායක ක්රියාවලිය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සවිස්තරාත්මක සාකච්ඡා පැවති අතර, ප්රජාතන්ත්රවාදී පාලනයේ කුළුණක් ලෙස ව්යවස්ථාදායකය ඉටු කරන වැදගත් කාර්යභාරය පිළිබඳ අවධානය යොමු කෙරිණි. එසේම, දෙරට අතර ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම්, ආයෝජන අවස්ථා සහ ආරක්ෂාව යන ක්ෂේත්රවල සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.