Saturday, January 17, 2026
Follow Us
උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස පුහුණු තරග 07කට සහභාගී වීමට අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.

ක්‍රීඩකයින් 15 දෙනෙක් සහ පුහුණුකරුවන් සහ නිලධාරීන් 05 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇත.

ඒ් අනුව ඔවුන් දින 14ක් ශ්‍රී ලංකාවේ රැදී සිටිනු ඇත.

මෙම පුහුණු තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිටින සංවර්ධන කණ්ඩායමේ ක්‍රීඩකයින් එක්වීමට නියමිතය.

පුහුණු තරග සියල්ල ලබන 12 වැනිදා සිට 23 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම්කර කර ඇත.