Monday, April 21, 2025
Follow Us
විදුලිබල හා බලශක්ති ඇමැති සහ ඉන්දියානු ඛණිජ හා ස්වභාවික වායු ඇමැති අතර හමුවක්

ඉන්දීයානු ඛණිජ සහ ස්වභාවික වායු අමාත්‍යාංශයේ ආරධනාවකට අනුව දෙවන වරට පැවති ඉන්දීය බලශක්ති සතිය වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගිය පෙබරවාරි 6-7 දෙදින සහභාගී විය.

මෙහි දී ඉන්දියානු ඛණිජ හා ස්වභාවික වායු අමාත්‍ය හර්දීප් සිං පූරි මහතා සමඟ පැවති සාකච්ඡාවේ දී දැනට ඉන්දියානු සහයෝගය මත මෙරට ක්‍රියාත්මක බලශක්ති ව්‍යාපෘති පිළිබඳ මෙන්ම ඉන්දියානු ආයෝජන පිළිබඳව ද අනාගත බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් වන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ගැණින.

එහි දී ස්වභාවික වායු සැපයීම, ඉන්ධන නල පද්ධතියක් මගින් ඒකාබද්ධ කිරීම, ඉන්ධන සහ ගෑස් ගවේෂණ කටයුතු, ලංකා ඉන්දීය තෙල් සමාගමේ මෙරට මෙහෙයුම් කටයුතු, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලසුම් සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබේ.


මෙම සාකච්ඡාවට ඉන්දියානු ඛණිජ හා ස්වභාවික වායු අමාත්‍යාංශයේ ලේකම්වරයා, ඉන්දීය තෙල් සමාගමේ සභාපතිවරයා, හින්දුස්ථාන් තෙල් සමාගමේ සභාපතිවරයා, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, ඛණිජ සංවර්ධන අධිකාරියේ සභපතිවරයා, පෙට්‍රොනෙට් ස්වාභාවික ද්‍රව වායු සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්‍යාලයේ නිලධාරීන් මෙන්ම ඉන්දියානු තෙල් සමාගම් සහ ගවේෂණ සමාගම්වල නිලධාරීන් ද සහභාගි විය.