Saturday, May 04, 2024
Follow Us
ඉන්දීය අමාත්‍යවරයෙක් සහ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර හමුවක්

ඉන්දීය පෙට්‍රෝලියම් හා ස්වභාවික වායු, නිවාස හා නාගරික සබඳතා අමාත්‍ය ශ්‍රී හර්දීප් එස් පුරි (Shri Hardeep S Puri) මහතා සහ ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර හමුවක් ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්විණ.

"2024 භාරත් ජාත්‍යන්තර සංචරණ ප්‍රදර්ශනයේ (Bharat Mobility Expo 2024)" විශේෂ ආරාධිතයකු වශයෙන් සහභාගීවීමට ඉන්දියාවට ගොස් සිටින අතරතුර මෙම හමුව සිදු විය.

මෙහි දී අමාත්‍යවරුන් දෙදෙනාගේ විෂය පථයන්ට අදාළව දෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු ව තිබේ.