Saturday, May 11, 2024
Follow Us
හමුදාපතිට දැල එළන ඇමරිකානු ඉල්ලීම ජනපති කුණු කූඩයට දමයි

මානව හහිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා ඇති හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හා අනෙකුත් හමුදා නිලධාරීන් වගඋත්තරකරුවන් කරන ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානී රොබර්ට වෙස්ට්රෝ කළ ඉල්ලීම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

මෙම ඉල්ලීම ඉටු කළහොත් ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන හමුදා සහයෝගීතාවය ඉහළ දමන බව ද වැඩි දුරටත් දක්වා තිබේ. හමුදමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමට ජනාධිපති ගත් තීරණය පිළිබඳ ඔහු ජනාධිපතිවරයාට අභියෝ කර ඇත.

ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්ග පවසන්නේ ශවේන්ද්‍ර සිල්වා පිළිබඳව හිටපු මේජර් ජෙනරාල් වරයෙකු ඇමරිකාවට ගොස් කට උත්තර දීමෙන් පසු විමර්ශනයකින් තොරව හමුදාපතිට චෝදනා එල්ල වී ඇති බව ය.

මෙහි දී ඇමෙරිකාව තවදුරටත් දන්වා ඇත්තේ ජනාධිපතිවරණයේදී පත්වන අපේක්ෂකයා ශවේන්ද්‍ර සිල්වා පිළිබදව පියවර ගත යුතු බවයි. ඇමරිකාව මීට පෙර ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධව මෙවන් දැඩි බලපෑම් කර නැත.
Divaina