Monday, April 21, 2025
Follow Us
ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් මහතා කථානායක හමුවෙයි
ශ්රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා පසුගියදා (31) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියද එක්ව සිටියාය.

ලබන මාර්තු මාසයේ දී ජර්මානු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ දූත පිරිසක් ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බව ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් මහතා මෙහිදී කථානායකවරයාට දැනුම් දුන්නේය. එසේම, ශ්රී ලංකා - ජර්මානු පාර්ලිමේන්තු මිත්රත්ව සංගමය ප්රතිස්ථාපනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර මෙමගින් දෙරට අතර මිත්රත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්රී ලංකාවේ පිහිටා ඇති ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය තුළින් ලබාගත් වෘත්තීය පාඨමාලා හරහා ශ්රී ලංකාවේ තරුණ තරුණියන්ට බොහෝ ප්රතිලාභ ලැබී ඇති බවත්, විශේෂයෙන්ම ඕස්ට්රේලියාව වැනි රටවල රැකියා ලැබී ඇති බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය. එසේම මෙම පුහුණු ආයතන මගින් වැඩි තරුණ තරුණියන් ප්රමාණයකට ප්රතිලාභ ලබාගත හැකි වන පරිදි නව තාක්ෂණ පාඨමාලා ඇතුළත් කිරීමේ අවශ්යතාවය කථානායකවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙයට අමතරව දෙරටේ දේශපාලන සහ ආර්ථික පිළිබඳව ද දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්විණි.