Monday, April 21, 2025
Follow Us
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුම් අත්සන් කෙරේ

භාණ්ඩ වෙළඳාම, ආයෝජනය, රේගු ක්‍රියා පටිපාටිය සහ බුද්ධිමය දේපල අයිතිවාසිකම් වැනි විවිධ අංශ ආවරණය වන පරිදි සාකච්ඡා පවත්වමින් වෙළඳපොල අවස්ථා පුළුල් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම  ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

එසේම  ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් ගුවන් සේවා සැපයීම වෙනුවෙන් නව ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමට අත්සන් තැබීම මෙහිදී සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය (GJRTI) සහ තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය (GIT) අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින්  පෙර ජනාධිපති කාර්යාලයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණ