Saturday, January 17, 2026
Follow Us
ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංසදය මගින් ගංවතුරින් විපතටපත් කඹුරුපිටියේ ජනතාවට සහනාධාර

ශ්‍රී ලංකා චින බෞද්ධ මිත්‍රත්ව සංසදය මගින් ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් පිඩාවට පත් වු කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට ආධාර ලබාදිමේ වැඩසටහනක් චීන තනාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මේ අවස්ථාවට කොටිකාගොඩ රාජ මහා විහාරාධිපති පුජ්‍ය හක්මණ ධම්මරතන ස්වාමින් වහන්සේ, සබරලේ ශ්‍රී නිවාසාරාම විහාරාධිකාරි ඌරාපොල සිරි රතනජෝති පිරිවෙන් පරිවෙනාධිපති ශාස්ත්‍රවේදි පුජ්‍ය විටියල මහින්ද ස්වාමින් වහන්සේ ඇතුළු ප්‍රදේශයේ ගරුතර මහාසංඝ රත්නය, චීන තනාපති චි ජන් හුන් මැතිතුමා, ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංසදයේ සභාපති අජිත් ධර්මවර්ධන මහතා, රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිලාභීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.