Saturday, January 17, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආරක්ෂක රාජ්‍ය ඇමැති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජ තානාපති  Maged Mosleh මහතා අද (දෙසැ 13) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමු විය.

මෙම හමුවේදී රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා විසින් ඊජිප්තු තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව ඔහු සමඟ සුහද කතාබහක නිරත විය.

දෙරටෙහි ආරක්‍ෂක සහයෝගීතාව, උපායමාර්ගික හවුල්කාරිත්වයන් සහ අන්‍යෝන්‍ය සහයෝගිතාව වැඩි දියුණු කිරීම පිළිබඳ කරුණු මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ඊජිප්තුව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය තානාපතිවරයාගේ පැසසුමට ලක් විය.

තවද ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා වන අන්‍යෝන්‍ය කැපවීම, ඊජිප්තු තානාපතිවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර සිදු කෙරුණු මෙම හමුව ඔස්සේ තවදුරටත් පිළිබිඹු කරයි.