Monday, December 04, 2023
Follow Us
න්‍යෂ්ටික බලශක්ති ආයතනයේ නිලධාරීන් පිරිසක් සහ විදුලිබල ඇමැති අතර හමුවක්

ජාතික න්‍යෂ්ටික බලශක්ති පද්ධතියක් සඳහා වන නීතිමය සැකසුම ප්‍රවර්ධනය කිරීමෙ අරමුණින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව සංවිධානය කළ වැඩමුළුව සඳහා පැමිණි ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ආයතනයේ නිලධාරීන් පිරිසක් සමඟ සාකච්ඡාවක් අමාත්‍ය කංචන විජේසේකර ගේ ප්‍රධානත්වයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

න්‍යෂ්ටික බලශක්ති උත්පාදනය මේවනවිටත් විකල්ප බලශක්ති උත්පාදන ක්‍රමවේදයක් ලෙස රජය පිළිගෙන ඇත.

මෙහිදී න්‍යෂ්ටික බලශක්තිය සදහා වන රජයේ ප්‍රතිපත්තිය, න්‍යෂ්ටික බලශක්ති ආරක්ෂන වැඩපිළිවෙළ සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙල් වැනි කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැණින.