Friday, May 09, 2025
Follow Us
කොරියාවේ ලොව ප්‍රමුඛ සන්නාම සහිත කර්මාන්තයන් මෙරටට

කොරියාවේ පවතින ලොව ප්‍රමුඛ සන්නාම සහිත කර්මාන්තයන් මෙරට ආරම්භ කිරීමේ අරමුණින්, ඒ පිළිබඳව වූ විශේෂ සාකච්ඡාවක් මෙරටට පැමිණි කොරියානූ දූත පිරිස සහ කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරින් අතර පසුගියදා පැවැත්විණි.

අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී කොරියානූ දූත පිරිස  ලංකාව තුළ කර්මාන්තයන් ආරම්භ කිරිම සම්බන්ධයෙන් සිය අභිප්‍රායන් මෙන්ම ඊට වූ කැමැත්ත පළ කළහ. 

ඔවුන් ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රොනික් උපකරණ සහ වාහන අමතර කොටස්  නිෂ්පාදනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ලංකාව තුළ විවිධ වු කර්මාන්තයන් 80 පමණ ආරම්භ කිරීමට අදහස් කරන බවද සඳහන් කළේය.