Saturday, January 17, 2026
Follow Us
ඊජිප්තුව සමඟ ආයෝජන ප්‍රවර්ධන වටමේස සාකච්ඡාවක්

“ඊජිප්තුවේ ආයෝජනය: ශ්‍රී ලංකා ඊජිප්තු ව්‍යාපාරික කවුන්සිලයක් කරා” යන තේමාව යටතේ පැවැත්වූ ආයෝජන ප්‍රවර්ධන වටමේස සාකච්ඡාවක් පසුගියදා (30) කොළඹ දී පැවැත්විණ.

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර ආයෝජන දිරිමත් කිරීම සහ වෙළඳාම වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් මෙය පැවැත්විණ.

ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති කාර්යාලය විසින් සංවිධාන කරන ලද මෙම අවස්ථාවට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ද එක්ව සිටියේ ය.