Monday, December 04, 2023
Follow Us
චීන නිල සංචාරය අතරතුර ඇමැති ආචාර්ය බන්දුල බීජිං විදෙස් අධ්‍යයන විශ්වවිද්‍යාලයට යයි

චීනයේ බීජිං නුවර පැවති ‘2023 ගෝලීය තිරසාර ප්‍රවාහන සංසද’ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමුළුවෙන් අනතුරුව බීජිං විදෙස් අධ්‍යයන විශ්වවිද්‍යාලයේ (Beijing Foregn Studies University) විශේෂ සංචාරයකට එක් විය.

කොන්ෆියුසස් චීන අධ්‍යාපන සැලැස්ම අනුව පිරිනමන ලද ශිෂ්‍යත්වයක් යටතේ ඇමැතිවරයා සිය දර්ශනපති ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේද බීජිං විදෙස් අධ්‍යයන විශ්වවිද්‍යාලයෙනි.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති, මහාචාර්ය මල්වානේ චන්දරතන හිමි, විශ්වවිද්‍යාලයේ සභාපති, කමිටු නියෝජ්‍ය ලේකම්, මහාචාර්ය යෑං ඩැන් (Yang Dan), උප සභාපති සහ කමිටු නියෝජ්‍ය ලේකම් මහාචාර්ය ජියා වෙන්ජියැන් (Jia Wenjian), චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ භාරකාර යෝගානන්ද මහත්වරු, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක පූර්ණිමා ගුණසේකර මහත්මිය, සීමාසහිත චයිනා හාබර් ඉංජිනියරින් සමාගමේ කලාපීය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සු ලිකියැන් (Xu Liqiang) මහතා සහ බීජිං විදෙස් අධ්‍යයන විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන පීඨයේ අධ්‍යාපනය හදාරන සිසුහු පිරිසක්ද ඇමැතිවරයා සමඟ පැවති සුහද සාකච්ඡාවට එක්ව සිටියහ.