Tuesday, October 03, 2023
Follow Us
සුනඛ වර්ගයක් තහනම් කිරීමට යයි

“අමෙරිකන් XL බුලි” නම් සුනඛ වර්ගය තහනම් කිරීමට එක්සත් රාජධානිය තීරණය කර ඇත.

එම සුනඛයන් ඉතා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන බවත් එම සුනඛයින් හේතුවෙන් ජනතාව පීඩාවට පත්වී සිටින බව බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් පවසා ඇති බව ද වාර්තා වෙයි.

ප්‍රධාන වශයෙන්ම මෙම සුනඛයින් සපා කෑමෙන් ජීවිත හානි සිදුව තිබෙන බවත් ඒ අතර කුඩා දරුවන් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එබැවින් මෙම වසර අවසානයේ සිට එක්සත් රාජධානියේ මෙම සුනඛ වර්ගය ඇතිකිරීම තහනම් කිරීමට නව නීති ගෙන එන බවද අගමැති රිෂි සුනක් පවසා ඇත.

එක්සත් රාජධානියේ අන්තරායකර සුනඛ පනත යටතේ මෙම සුනඛ වර්ගය තහනම් කිරීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර ඇතැම් පිරිස් එම තීරණයට විරෝධය දක්වා ඇති බවද වාර්තා වෙයි.