Friday, January 16, 2026
Follow Us
අම්පාරට කැනේඩියානු අනුග්‍රහයක්

දේශීය මුල පිරීම් සඳහා කැනේඩියානු අරමුදලේ අනුග්‍රහයෙන් ජාතීන් අතර මිත්‍රත්වය පදනම විසින් ක්‍රියාත්මක කරන ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණ ව්‍යාපෘතියේ පළමු අදියර ඊයේ (04) උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහකණ්ඩිය ග්‍රාම සේවා කොට්ඨාසයේ දී ආරම්භ කෙරිණි.


අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට උහන සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය, ශ්‍රී ලංකා කැනඩා මහ කොමසාරිස් කාර්‍යාලයේ දේශපාලන හා වෙළද උපදේශක ඩැනියල් බූට් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශයේ ජනතාව සහභාගි වූහ.