Saturday, April 27, 2024
Follow Us
යුරෝපා අධිකරණය එල්.ටී.ටී.ඊ. ය ‘බ්ලැක්‌ ලිස්‌ට්‌’ එකෙන් ගලවයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්‌ත සංවිධාන අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට යුරෝපා අධිකරණය පියවර ගෙන ඇති බව ‘රොයිටර්’ පුවත් සේවය පවසයි.

පසුගිය 16 වැනිදා යුරෝපා අධිකරණය විසින් මෙම තීරණය ගෙන ඇති බව ‘රොයිටර්’ පවසයි.

2009 වසරේ ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වීමෙන් පසු මේ වන තෙක්‌ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කිසිදු සිදුවීමක්‌ යුරෝපා සංගමයට වාර්තා නොවීම හේතුවෙන් යුරෝපා අධිකරණය මෙම තීන්දුව ගෙන තිබෙන බව ‘රොයිටර්’ මූලාශ්‍ර අනාවරණය කරයි. එල්. ටී. ටී. ඊ. සංවිධානය ත්‍රස්‌ත සංවිධාන අසාදු ලේඛනයෙන් ඉවත් කළ ද පලස්‌තීන ඉස්‌ලාමීය ව්‍යාපාරය නොහොත් හමාස්‌ සංවිධානය අසාදු ත්‍රස්‌ත ලේඛනයේ ඉහළින් තබා ගැනීමට යුරෝපා අධිකරණය තීන්දු කර තිබේ.


(Lanka Leads)