Friday, January 16, 2026
Follow Us
චීන උපදේශකවරයෙක් සහ විදුලිබල ඇමැති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ උපදේශකවරයා සහ තානාපති කාර්යාලයේ නිලධාරීන්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (16) හමු විය.

බලශක්ති ක්ෂේත්‍රයේ චීන සමාගම් විසින් සිදු කරනු ලබන ආයෝජන සහ ආයෝජන සඳහා අනාගත සැලසුම් පිළිබඳව මෙහි දී සාකච්ඡා කර තිබේ.

එමෙන්ම ඛනිජ තෙල් අංශය, පිරිපහදුව, LNG සහ සම්ප්‍රේෂණ සංවර්ධන ආයෝජන අවස්ථා සහ සැලසුම් පිළිබඳව මෙහි දී සාකච්ඡාවට ලක් වී විය.
අමාත්‍යවරයා නිකුත් කළ ටුට්විටර් පණිවුඩයක මේ බව සඳහන් විය.