Wednesday, April 01, 2026
Follow Us
අදානී සමාගමේ නියෝජිතයින් ඇමැති හරීන් හමුවෙයි

අදානි සමාගමේ නියෝජිතයින් වන "දවාල් ශාහ්" මහතා, "මනෝජ් දෙශ්මුක්" මහතා සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර සුහද හමුවක් පසුගියදා අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

මෙහි දී අදානි සමාගමේ ඉදිරි වැඩකටයුතු ලංකාවේ සිදු කිරීමත් මෙරට විශාල සූර්ය පැනල ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සංචාරක සන්නාම තානාතිපති සනත් ජයසූරිය මහතා ද එක් විය.