Friday, January 16, 2026
Follow Us
ශ්‍රී ලංකා සහ ප්‍රංශ ජනපතිවරුන් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා අතර හමුවක් අද (23) පස්වරුවේ සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවේ දෙවන දින රාජ්‍ය නායක සැසිය අතරතුර මෙම හමුව සිදුවූ අතර රාජ්‍ය නායක දෙපළ සුහද කථා බහක නිරත විය.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතාගේ ආරාධනය පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුවට එක්ව සිටී.