Friday, January 16, 2026
Follow Us
වැඩබලන ජපාන තානාපති වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ වැඩබලන ‍තානාපති ‍කොතාරෝ කට්සුකි මහතා වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාව ඊයේ (20) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව අමාත්‍ය තෙන්නකෝන් මහතා කට්සුකි මහතා සමඟ ද්විපාර්ශීකව වැදගත්වන හා අන්‍යෝන්‍ය වශයෙන් අදාළ වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය. දෙරට අතර පවතින සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ක්‍රියා කළ හැකි ආකාරය පිළිබඳව ද ඔවුහු වැඩිදුරටත් සාකච්ඡා කළහ.