Thursday, January 15, 2026
Follow Us
සජිත් හමුවූ ADB ප්‍රධානියා

ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා ඊයේ (09) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡාවක නිරතවිය.

ඒ විපක්ෂ නායක කාර්යාලයේදීය.

එහිදී විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකාව මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කර ඇති අතර මෙරට ගොඩනැංවීමට සහාය ලබාදෙන ලෙස ඉල්ලීමක් ද සිදුකර තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණු දී ඇති තත්ත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර මෙරටේ දියුණුව වෙනුවෙන් අවැසි සහයෝගය ලබාදෙන ලෙස එහිදී විපක්ෂ නායකවරයා ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් සිදුකළේය.

එහිදී එම නියෝජිත පිරිස විපක්ෂ නායකවරයා සමග සඳහන් කර ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුව ක්ෂේත්‍ර ගණනාවක් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට අපේක්ෂා කරන බවය.

Aruna