Wednesday, April 24, 2024
Follow Us
ඇමෙරිකානු මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් සහ විදුලිබල ඇමැති අතර හමුවක්

මෙරටට පැමිණ සිටින ඇමෙරිකානු එක්සත් ජනපද මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබර්ට් කප්‍රෝත් මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් ඊයේ (05) පැවැත්විණ.

එහි දී විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයන්වල ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින එකඟතා පිළිබඳ සාකච්ඡා කර තිබේ.

පසුගිය මාස 12ක කාලය තුළ රජය අත්කරගත් සාධනීය ප්‍රතිඵල, නව ගාස්තු ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේ දී ඇති අභියෝග, විදුලිබල මණ්ඩලයේ මෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ ද ප්‍රතිව්‍යුහගත කිරීම, නව විදුලිබල පනත ඇතුළු කරුණු පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කර තිබේ.


මේ අවස්ථාවට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඩග් සොනක්, ඇමෙරිකානු මහා භාණ්ඩාගාරයේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්ෂ ජෙරොඩ් මැසන්, මහා භාණ්ඩාගාරයේ නියෝජිත බින් බ්ලොක්, එක්සත් සහයෝගීතා සහන අරමුදලේ ආර්ථික සංවර්ධනය භාර දේශීය ප්‍රධානී ක්‍රිස් පවර්ස් සහ ඇමරිකානු තානාපති කාර්‍යාලයේ ආර්ථික නිලධාරී ඩැනියෙල් මූන් මහතා ද සහභාගි විය.