Sunday, May 11, 2025
Follow Us
දුම්රිය අනතුරින් 207ක් මරුට

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරින් මියගිය පුද්ගලයින් ගණන 207ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම අනතුරින් පුද්ගලයින් 900කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

අනතුරට පත් වූවන් මුදාගැනීම සඳහා බාසෝර් දිස්ත්‍රික්කයේ ගිලන් රථ 200කට වැඩි ප්‍රමාණයක් යොදවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඊයේ රාත්‍රී 7.00 පමණ ෂලිමාර් සිට චෙන්නායි දක්වා ධාවනය වෙමින් තිබූ කොරමැන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය පිළී පැනීමකට ලක්ව එහි මැදිරි කිහිපයක් ප්‍රතිවිරුද්ධ දිශාවේ දුම්රිය මාර්ගයට වැටී ඇති බව සඳහන්ය.

අනතුරුව එම මාර්ගයේ යෙස්වාන්පූර් සිට හොව්රා වෙත ධාවනය වෙමින් තිබූ සුපර් ෆාර්ස්ට් එක්ස්ප්‍රස් දුම්රිය ඒ මාර්ගයට වැටී තිබූ දුම්රිය මැඳිරිවල ගැටී අනතුරට ලක්ව ඇති අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රියක්ද පසුව එම දුමිරියේ ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූ පුද්ගලයින්ට ප්‍රතිකාරකිරීම සඳහා වෛද්‍යවරුන් 100කින් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් කැඳවා තිබේ.

මෙම අනතුර හේතුවෙන් තමා දැඩි සංවේගයට පත්ව සිටින බවත් විපතට පත්වූ පුද්ගලයින්ට කඩිනම් සහන ලබාදීමට පියවර ගන්නා ලෙසත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ටිවිටර් සටහනක් තබමින් සඳහන් කර ඇත.

- Aruna