Tuesday, October 03, 2023
Follow Us
සුපිරි නළු රැජිනි කාන්ත්ට ශ්‍රී ලංකා සංචාරයකට ආරාධනා

සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ලෝක ප්‍රකට දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් මහතාට ආරාධනා කර තිබේ.

රැජිනි කාන්ත් මහතාගේ නිවෙසට ගිය දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කේෂ්වරන් මහතා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙහිදී නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස සුපිරි නළු රැජිනි කාන්ත් මහතා වෙත පෞද්ගලිකවම ආරාධනා කර ඇති අතර ඔහුගේ පැමිණීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල පිටිවහලක් වන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේම ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂී වූ 'Ramayana Trail' අත්දැකීම ලබාගැනීමට ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයෙන් අවස්ථාව ලැබෙන බවද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කර තිබේ.

Dinamina