Thursday, April 25, 2024
Follow Us
නිල නිවසේ ‘සාද’ දැමූ ජපාන අගමැති පුත්‍රයා තනතුරෙන් නෙරපයි

ජපාන අගමැති ෆුමිකෝ කිෂිඩාගේ විධායක ලේකම්වරයා ලෙස කටයුතු කරන ඔහුගේ පුත්‍රයා ඔහුගේ නිල නිවසේදී සාදයක් පැවැත්වීම හේතුවෙන් තනතුරෙන් නෙරපා හැරීමට අගමැතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ.

අගමැති පුත්‍රයා වන ෂොටාරෝ පසුගිය වසරේ දෙසැම්බර් 30 වැනිදා සිය මිතුරු මිතුරියන්ට වසර අවසාන සාදයක් පවත්වා ඇති අතර, එහිදී අවිනීත ලෙස හැසිරීම ඇතුළු විවිධ සිදුවීම් ගණනාවක් පිළිබඳ එරට සඟරාවක ඡායාරූප සහිතව පළ කර තිබිණි. මේ පිළිබඳ ජනතාවගෙන් දැඩි විරෝධතාවක් එල්ල වීමෙන් පසු අගමැතිවරයා මේ තීරණය ගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.