Thursday, January 15, 2026
Follow Us
කෑන්ස් හොඳම නිලිය සම්මානය පළමුවරට තුර්කියට

ප්‍රංශයේ පසුගියදා පැවැති සුප්‍රකට කෑන්ස් චිත්‍රපට උලෙළේදී පළමුවරට තුර්කි ජාතිකයකු හොඳම නිළිය සම්මානය දිනා ගැනීමට සමත් වූවාය. තුර්කියේ ජනප්‍රිය නිළියක වන 36 හැවිරිදි මර්වි ඩිස්ඩාර් මෙවර හොඳම නිළිය ලෙස කෑන්ස් සම්මානය හිමිකර ගනු ලැබුවේ ‘About Dry Grasses‘ නමැති තුර්කි සහ ප්‍රංශ ඒකාබද්ධව නිෂ්පාදනය වූ චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි.

සම්මාන ලැබීමෙන් පසු වේදිකාවේදී ඇය ප්‍රකාශ කළේ එම සම්මානය ඇය තුර්කියේ සියලුම කාන්තාවන්ට කැප කරන බවය.

Dinamina