Sunday, May 11, 2025
Follow Us

මාවල් චිත්‍රපට සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන ලෝක ප්‍රකට ‘තෝර්‘ චිත්‍රපට මාලාවේ වොල්ස්ටැග් චරිතයෙන් අතිශය ජනප්‍රියත්වයට පත් බ්‍රිතාන්‍ය නළු රේ ස්ටීවන්සන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

58 හැවිරිදි රේ ඉතාලියේ රූගත කිරීමකට එක්වී සිටියදී හදිසියේ රෝගාතූර වී ඇති අතර, රෝහල්ගත කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත් වූ බව වැඩිදුරටත් වාර්තා වේ. අයර්ලන්තයේ උපත ලබා අවුරුදු 8 දී එංගලන්තයේ පදිංචිය පැමිණි රේ ස්ටීවන්සන් ස්ටාර් වෝස් චිත්‍රපටමාලාවේ ද රඟපෑ අතර, මේ වසරේදී ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම ගීතය වූ ‘නාටු නාටු‘ ගීතය ඇතුළත් RRR චිත්‍රපටයේ රංගනයටත් දායක විය.