Thursday, April 25, 2024
Follow Us
රෝමයේ පැවති ජාත්‍යන්තර තේ දින සමරුමට වැවිලි කර්මාන්ත ඇමැති එක්වෙයි

ජාත්‍යන්තර තේ දිනය වෙනුවෙන් ඉතාලියේ රෝම නගරයේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මූලස්ථානයේ දී මූලස්ථානයේදී පැවති විශේෂ සැමරුම් උත්සව අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා එක් විය.

FAO හි අධ්‍යක්ෂක ජනරාල් ආශ්‍රය QU Dongyu මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.

 මෙම සමුළුවේ අරමුණ වූයේ කුඩා තේ වතු හිමියන් කෙරෙහි අවධානය යොමු කර ඔවුන්ට සහාය වීමට හා අභියෝග ජය ගැනීමට උපකාර කිරීමට හැකියාවන් පිළිබඳ සාකච්ඡා කිරීමයි.

මෙම උත්සව අවස්ථාවට සමගාමීව එක්සත් ජාතීන්ගේ කාන්තා සංසදයේ (UNWG ) සහයෝගිත්වයෙන් FAO Atrium හි මුලස්ථානයේ තේ කර්මාන්ත මුල්කොටගත් ප්‍රදර්ශනයක් ද පැවැත්විණි.

 එම ප්‍රදර්ශන සංවිධානය අරමුණ වූයේ කුඩා වතු හිමියන් සහ ග්‍රාමීය ජීවනෝපාය සඳහා එම අංශය ඉටු කරන ප්‍රධාන කාර්යභාරය සහ SDGs සාක්ෂාත් කරගැනීමට එහි දායකත්වය පිළිබඳව නරඹන්නන් දැනුවත් කිරීමයි.