Tuesday, April 23, 2024
Follow Us
අභ්‍යවකාශ ගත වන පළමු අරාබි ජාතික කාන්තාව

අභ්‍යවකාශ ගත වන පළමු අරාබි ජාතික කාන්තාව ලෙස රයානා බර්නාවි ඉතිහාසයට එක් වෙයි.

ඒ ඇය ස්පේස් එක්ස් වැඩසටහනට ඊයේ සම්බන්ධවීමත් සමගයි.ස්පේස් එක්ස් වැඩසටහන යටතේ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සදහා ෆැල්කන් 9 රොකට්ටුව අභ්‍යවකාශ ගත කිරීම ඊයේ (21) පස්වරුවේ ඇමෙරිකාවේ දී සිදුවිය.

කේප් කැනවරල් තුඩුවේ පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් රොකට්ටුව ගමන් ආරම්භ කලේ ඊයේ පස්වරු 5.37ටයි.

සවුදි අරාබි ජාතික කාන්තාවක් වන රයානා / වෘත්තීයෙන් පියයුරු පිළිකා සම්බන්ධ පර්යේෂිකාවක් වන අතර ඇයට අමතරව සවුදි අරාබි ජාතික ගුවන් නියමු අලී අල්කරානි / නාසා ගගනගාමී පෙගී විට්සන් හා ව්‍යාපාරිකයෙකු වන ජෝන් ෂොෆ්නර් මෙම අභ්‍යවකාශ චාරිකාවට එක්ව සිටියි.