Sunday, May 11, 2025
Follow Us
ලොව අඩුම ගුරුත්වාකර්ෂණ බලය ශ්‍රී ලංකාවේ
පෘතුවිය තුල පිහිටි අඩුම ගුරුත්වාකර්ෂණ බලය සහිත ප්‍රදේශය ශ්‍රී ලංකාවෙන් බව නාසා ආයතනය සඳහන් කර තිබේ.
 
එය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති බව සඳහන් කෙරේ.
 
මෙම අනාවරණ කරගැනීමට පදනම් වී ඇත්තේ ලෝකයේ විවිධ ස්ථානවල පවතින ජල ඝනත්වයන් පිළිබඳව ලබාගත් චන්ද්‍රිකා දත්තයන් බව නාසා ආයතනය පවසයි.
 
1960 වසරේ කැනේඩියානු රජයේ සහයෙන් සිදුකරනු ලැබූ පර්යේෂණයකින් සොයා ගැනුණේ පානදුර,ගාල්ල,මාතර, හම්බන්තොට යනාදී ප්‍රදේශවල ගුරුත්වාකර්ෂණ බලය අඩු බවයි.
 
එසේම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ ශරීරයේ බර යම් ප්‍රමාණයකින් අඩුවීමට හේතුව පිළිබඳ නාසා ආයතන විසින් පර්යේෂණයක් සිදුකළ අතර එම සංචාරකයින් තුර්කිය වැනි රටකට ගිය පසු එම සංචාරකයින්ගේ ශරීරයේ බර වැඩිවන බව ඔවුන් සොයාගෙන තිබේ.